දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.

එම සංවිධානය සඳහන් කළේ අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය අද ( 19) පෙරවරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, පස්සර, හාලිඇල, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, දොළුව , කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, පල්ලේපොල, මාතලේ සහ නාඋල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *