මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එම පිරිස අතරින් 29දෙනෙක් ගන්දර රෝහලටත් තවත් පුද්ගලයන් 6දෙනෙක් මාතර රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ 2ක් එලෙස අනතුරට පත්ව ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *