මඟී ප්‍රවාහන බස් රථයක් අද (20) අලුයම අනතුරට ලක්වී තිබෙනවා.
ඒ සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදීයි.
පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුර සිදුවූ බව පොලීසිය සඳහන් කළා.
කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් එම අනතුරට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
බස් රථයේ මගීන් 49ක් පමණ ගමන් කර ඇති අතර බස් රථයේ රියදුරු සහ රිය සහයක සමඟින් මගීන් 14දෙනෙක් ප්‍රතිකාර සඳහා සේරුනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරුව රියදුරු සහ මඟීන් 09දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.