පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඩෙංගු බෝ වීමේ අවදානම ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක් කේන්ද්‍ර කරගනිමින් ඩෙංගු මර්දන සතියක් ආරම්භ කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුගත් සමරවීර පවසනවා.

මෙම සතිය මැයි මස 26 සිට ජුනි 01 වනදා දක්වා ක්‍රියාත්මකයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *