තුර්කියේ මහල් 11කින් යුත් හෝටලයක සිව්වන මහලේ ඊයේ (21) ගින්නක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්න හේතුවෙන් පුද්ගලයන් 66ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එමෙන්ම තවත් පුද්ගලයන් 51දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
එම ගින්න ඇති වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 225කට ආසන්න පිරිසක් සිටි බවයි වාර්තා වන්නේ.