ජයිකා ආධාර මත සිදු කිරීමට නියමිත කටුනායක ගුවන්තොටුපළේ නව මගී පර්යන්තය ඉදිකිරීම සඳහා වන ටෙන්ඩර් කැඳවීමේ කාලය මාර්තු මාසය දක්වා දීර්ඝ කර තිබෙනවා.

වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කළේ ලබන ජුනි මාසයේදී එහි ඉදිකිරිම් ආරම්භ කිරීමට හැකි වන බවයි.

නව මගී පර්යන්තය ඉදිකිරීමත් සමඟ 2028 වසර වන විට කටුනායක ගුවන්තොටුපළේ වාර්ෂික මගී මෙහෙයුම් ධාරීතාව මිලියන 15ක් දක්වා ඉහළ නැංවීමට හැකි බවද ඔහු තව දුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *