විදේශිකයන්ට අධික මිලකට දුම්රිය ටිකට්පත් විකිණීමේ ජාවාරමක් සම්බන්ධව පසුගිය සතියේදී වාර්තා වුණා.
ඒ සම්බන්ධව විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර අතර එමගින් එක්අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 37වන වියේ පසුවන මහනුවර සුදුහුම්පල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු සතුව තිබී ඔඩිසි දුම්රිය සදහා ඔන්ලින් ක්‍රමයට ලබාගන්නා ලද දුම්රිය ටිකට්පත් 21ක් හා එම ටිකට්පත් අලෙවිකර ලබාගත් බවට සැකකෙරෙන රුපියල් 130,670ක මුදලක්ද සොයගත්බවයි වාර්තා වන්නේ .
එමෙන්ම ටිකට්පත් විකිණීමේ තොරතුරු සටහන් කරගත් සටහන්පත් 130ක් ,ජංගම දුරකතනයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය සදහන් කළේ සැකකරු වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වෙත භාරදුන් බවයි.