වයස අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගවලියේ තවත් තරග 2ක් අද (23) පැවැත්වෙනවා.

මලයාසියාවේ ක්වාලා ලම්පුර්හිදී පැවැත්වෙන අද තරගය මේ වනවිට ආරම්භවී තිබෙනවා .
ඒ බටහිර ඉන්දීය කොදෙවු සහ මලයාසියා කණ්ඩායම අතරයි.

මේ අතර තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගයත් අද පැවැත්වීමට නියමිතයි .
ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.

මෙම කණ්ඩායම් 2කම අද තරග වදින්නේ පැවති තරග 2කම ජයගනිමින් අපරාජිත කණ්ඩායම් ලෙසයි.
එම තරගය මෙරට වේලාවෙන් දහවල් 12.00ට පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *