සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි ජේ.චන්ග් අතර හමුවක් පවත්වා තිබෙනවා .
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදීයි .
මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන් හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය හා ඒවාහි ඉදිරි සංවර්ධනයට ඇමරිකානු රජය දක්වන සහයෝගය මෙන්ම ප්‍රදානයන් ගැනත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම මෙරට ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය සේවාව ගැනත් ගුණාත්මක,විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදිමට වත්මන් රජය ගෙන යන විශේෂිත වැඩපිළිවෙල ගැනත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමරිකානු තානාපතිනිය දැනුවත් කරනු ලැබුවා.