ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27) දිවයිනට ලැබුණු බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා.
මෙරට පරිභෝජන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් ලුණු නොමැති වීම හේතුවෙන් ලුණු ආනයනය කිරීමට පසුගියදා රජය තීරණය කළා.
එහිදී කැබිනට් අනුමැතිය හිමි වුණේ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහායි.
ඒ අනුව පෙබරවාරි 28වනදා දක්වා ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සදහන් කළා.