රතු කැකුළු සහල්වලට සුදු කැකුළු මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ වෙළෙඳපොළේ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයන් මෙම ජාවාරම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළා.

පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරීයේ තොරතුරු අධ්‍යක්ෂක අසේල බණ්ඩාර සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වැටලීම් සිදුකරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *