පවතින මගී ඉල්ලුම නිසා දුම්රිය සේවය පුළුල් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර පවසනවා.
ඔහු සඳහන් කළේ නව දුම්රිය කිහිපයක් ඉදිරියේදී ධාවනයට එක් කිරීමට නියමිතව බවයි.
එහිදී ජනවාරි 31වනදා සිට රාත්‍රී තැපැල් දුම්රිය යාපනය දක්වාත්, ඇල්ල දුම්රිය ගමන සඳහා අමතර දුම්රිය කිහිපයකුත් යෙදවීමට තීරණය ගෙන තිබෙනවා.
දුම්රිය සාමාන්‍යධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ පෙබරවාරි 1වනදා නුවර සිට දෙමෝදර දක්වා සති අන්තයේ දුම්රියක් සහ පෙබරවාරි 10වනදා සිට ඇල්ල දක්වාත් දෛනික දුම්රියක් එකතු කරන බවයි.