විදේශ ගමන් බලපත්‍ර අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ එම වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.
එහි නිර්දේශ ප්‍රකාරව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී දැනට පවතින ක්‍රමවේදය වෙනස් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බව ඔහු සඳහන්කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට විදේශ ගමන් බලපත්‍ර 2900ක් පමණ නිකුත් කරන බවයි.
එමෙන්ම එම සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ නැංවීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.