ගාල්ල සිට කොළඹ, පුත්තලම, මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
නැගෙනහිර, ඌව, දකුණ, බටහිර, සබරගමුව පළාත්වල සහ පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකියි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පැයට කිලෝමීටර 25 – 35ත් පමණක සුළං ඊසාන දිශාවෙන් හමා එන බවයි.
කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමීටර 45 – 50ත් පමණ ඉහළ යා හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ, පුත්තලම, මන්නාරම, මාතර සහ හම්බන්තොට, පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවයි.