පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

එහි සභාපති ප්‍රේමසිරි ජාසිංආරච්චි කියා සිටියේ පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එම වන්දි මුදල් ලබාදීම ආරම්භ කරන බවයි.

අද (30) දිනයේදී මෙම වන්දි ගෙවීම් සිදුකරන්නේ වී ගොවීන් සඳහා පමණක් බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *