මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස මඟින් ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් කර තිබෙනවා.

ඒ අනුව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි ලංකා සතොස ආයතනය මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීම තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙහිදී ආනයනික ලොකු ලූණු, පාන් පිටි, සුදු සීනි, රතු පරිප්පු, ආනයනික සුදු කැකුළු යන භාණ්ඩ වල මිල පහළ දමා තිබෙනවා.

එම මිලගණන් පහතින්,

ආනයනික ලොකු ලූණු – රුපියල් 220.00

පාන් පිටි – රුපියල් 165.00

සුදු සීනි – රුපියල් 235.00

රතු පරිප්පු – රුපියල් 285.00

ආනයනික සුදු කැකුළු – රුපියල් 209.00

Leave a Reply

Your email address will not be published. Required fields are marked *