ජාතික ඖෂධ පිළිබඳ උපදේශන කමිටුවට සහ ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුව සඳහා නව සාමාජිකයන් පත් කර තිබෙනවා.

සේවා සහ පරිපාලනය අමාත්‍යාංශය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ මෙරට රජයේ රෝහල් පද්ධතියට අඛණ්ඩව සැපයීම සහ සාධාරණ මිල ගණන් යටතේ එම ඖෂධ විවෘත වෙළදපොළට ලබාදීමේ කටයුතුවලට මඟ පෙන්වීමමෙහි ප්‍රමුඛ වගකීම බවයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කර තිබෙනවා.

ඒ පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදීයි.

2015 අංක 5දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට අනුකූලව ජාතික උපදේශන කමිටුව පත්කර තිබෙනවා.

ඒ සඳහා සභාපතිවරයා ඇතුළුව සාමාජිකයින් 24දෙනෙක් පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම කම්ටුවේ සභාපතිධූරයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් වන මහාචාර්ය ලාල් ජයකොඩිව පත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *