උගන්ඩාවේ අගනුවර වන කම්පාලාහි ඉබෝලා වෛරසයේ නව පැතිරීමක් තහවුරු කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ හේතුවෙන් එක් මරණයක් සිදුවී තිබෙන බවයි.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ රෝග ලක්ෂණ අතර අධික උණ, පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව සහ ශරීරයේ ස්ථාන කිහිපයකින් ලේ ගැලීම් තිබූ බවයි.
ඔහුව පසුගිය (29)දින නගරයේ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ පිහිටි මුලැන්ගෝ ජාතික රෝහලේදී මියගිය ගොස් තිබෙනවා.