නවසීලන්ත කන්දකට පුද්ගලයෙක්ට සමාන නීත්‍යනුකූල අයිතියක් ලබාදී තිබෙනවා.
ඒ ගිවිසුමක් වසර ගණනාවක සාකච්ඡාවලින් පසුව නීතියක් බවට පත්වීමෙන් අනතුරුවයි.
තාරනාකි මෞන්ගා හෙවත් තාරනාකි කන්දට මෙලෙස අනන්‍යතාවක් හිමිවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය කළමනාකරණය කිරීම සඳහා දේශීය ගෝත්‍ර ඉවි ගෝත්‍රිකයින් සහ රජය එක්ව කටයුතු කරන බවයි.
මෙම ගිවිසුමේ අරමුණවී ඇත්තේ යටත් විජිතකරණයේදී තාරනාකි කලාපයේ මෞරිවරුන්ට සිදුවූ අසාධාරණකම් සඳහා වන්දි ගෙවීම සඳහායි.