ශ්‍රී ලංකාවේ විශාල ගැටලුවක් බවට පත්ව ඇති අලි – මිනිස් ගැටුම විසඳීම සඳහා දේශීය නව අලි වැටක් නිර්මාණය කර තිබෙනවා.

ඒ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ජාතික ඉංජිනේරු හා සංවර්ධන මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන් විසින්.

නියමු වියාපෘතියක් ලෙස වීරවිල එළිමහන් කඳවුරේදී මෙම අලි වැට ඉදිකර ඇති බවයි වාර්තා වන්නේ.

එය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට භාරදීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ පරිසර අමාත්‍ය දම්මිකගේ සහභාගීත්වයෙන් සිදු වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *