පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික සාකච්ඡා ඇරඹී තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.
පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ පූර්ව වටයේ සාකච්ඡාව ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් පවත්වා තිබෙනවා.
එහිදී රට පුරා විවිධ ආකාරයට ක්‍රියාත්මක කරන පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපන ආයතන සියල්ල ඒකාබද්ධතාවකින් යුතුව එකම ප්‍රතිපත්තියක් මත පදනම්ව ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ආයතනයේ ඒකාබද්ධ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.