පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට පැමිණ තිබෙනවා.
මීටර් 123ක දිගකින් යුත් එම නෞකාවේ නැව් මුළුව 243දෙනෙක් ගෙන් සමන්විතයි.
PNS ASLAT නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව තිබෙනවා.
ශ්රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ නිල සංචාරය අවසන් කරමින් ‘PNS ASLAT’ නෞකාව මේ මස 04වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති බවයි.