ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (01) හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගල්කිස්ස පොලිස් වසමේ ඕඩියන් හන්දියේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධව ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.