ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම ඒකකය සඳහන් කළේ ජනවාරි මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 4,943දෙනෙක් වාර්තා වී ඇති බවයි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එම සංඛ්‍යාව 1,382ක්.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 764ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 315ක් හඳුනාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *