මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 360ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මට්ටක්කුලිය පොලිස් වසමේ අලිවත්ත ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.