කිරිමැටි කැණීම් කිරීමෙන් පසු අතහැර දමා ඇති වළක දිය නාමින් සිටි පුද්ගලයෙක් ඊයේ (01) දියේ ගිලී මිය ගොස් තිබෙනවා.
ඒ කළුතර උතුර පොලිස් වසමේ වස්කඩුව ප්රදේශයේදීයි.
පොලිසිය සඳහන් කළේ කළුතර උතුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙන බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ක් වූ වස්කඩුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.