නිල සංචාරයක් සඳහා මෙරටට බංග්ලාදේශ නාවික හමුදාවේ Frigate (Modified Hamilton Class High Endurance Cutter) වර්ගයට අයත් නෞකාවක් වන ‘BNS SOMUDRA JOY’ යුද නෞකාව පැමිණ තිබෙනවා.
ඒ පසුගිය (31)වනදායි.
‘BNS SOMUDRA JOY’ යුද නෞකාව නිල සංචාරය නිම කරමින් ඊයේ (02) දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කළ බව හමුදා මාධ්‍ය අංශය සඳහන් කළා.