බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි විසින් ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක පත් කර තිබෙනවා.

ඇය න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි එකම ශ‍‍්‍රී ලාංකිකයාද වනවා.

එමෙන්ම ආචාර්ය තුෂාරා රත්නායක ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිදුරටත් සඳහන් වන්නේ ඇය මේ වන විට මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *