හමාස් සහ ඊශ්‍රායල නායකයින්ට ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම, දිවි ගලවා ගැනීමේ මාරාන්තික ක්‍රීඩාවක් බවට පත්ව තිබෙනවා.

ඔවුන්ගේ රඳා පැවැත්ම තීරණය වන්නේ යුද්ධයෙන් පසු ඔවුන්ගේ දේශපාලන අනාගතය සහ බලය මතයි.

එමෙන්ම හමාස් නායක Yahya Sinwarගේ භෞතික පැවැත්ම පවා යුද්ධය මත තීරණය වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඇමරිකානු ජනාධිපති Joe Biden විසින් ඉදිරිපත් කර ඇති සටන් විරාම සැලැස්මට සහය දක්වමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට කෙටුම්පත් යෝජනාවක් ඉදිරිපත් කළ බව එක්සත් ජනපදය පවසනවා.

මෙම සැලැස්මට ගැටුම අවසන් කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ පලස්තීන භූමිය ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළත් වන බවයි සඳහන් වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *