පැනමා ඇළ සම්බන්ධයෙන් පැනමාව හා චීනය අතර ඇති ගිවිසුම නැවත අලුත් නොකරන බව පැනමා ජනපති පවසනවා.
පැනමා ජනපති මේ බව සඳහන් කළේ ඇමරිකාවේ ලේඛම් පැනමා ඇළේ සංචාරයක නිරත වන අවස්ථාවකදී වීම විශේෂත්වයක්.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පැනමාවේ ස්වෛරීත්වය විවාදයට ලක් නොවිය යුතු බවයි.
සේද මාවත, එක් තීරයක් – එක් මාවතක් යන ව්‍යාපෘතිය වෙනුවෙන් 2017දී චීනය සමඟ එළඹී අවබෝධතා ගිවිසුම තමන්ගේ රජය විසින් නැවත අලුත් නොකරන බව ජනපති රාවුල් මුලිනෝ ප්‍රකාශ කළා.