ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු තැපැල් කාර්යාල පහෙන් එකක් වූ ගාල්ල කොටුව පරීශ්‍රයේ පිහිටි තැපැල් කාර්යාල ලන්දේසි පාලන සමයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලක ස්ථාපිතව කර තිබෙනවා.
එම ගොඩනැගිල්ල නිසි අයුරින් දීර්ඝ කාලයක් නඩත්තු නොකිරීම හා සංරක්ෂණය නොකිරීම හේතුවෙන් මේ වන විට සම්පූර්ණයෙන් ගරා වැටීමේ තත්ත්වයකට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම තැපැල් කාර්යාල පරිශ්‍රය යළි නඟාසිටුවා ඵලදායී කාර්යයකට යොදා ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා ගාල්ල කොටුව පිහිටි එම තැපැල් කාර්යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ජාතික උරුමයන් මෙලෙස විනාශවීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවයි.