ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ පැවැත්වෙන 77 වන නිදහස් දින සැමරුම අද(04) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භකර තිබෙනවා.
ඒ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදීයි.
නව දේශපාලන සංස්කෘතියක් සහ නව ප්‍රවේශයක් මේ රටට අවශ්‍ය බව කියමින් පසුගිය සමයේ පෙළගැසුණු ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරමින් මෙවර නිදහස්දින උළෙල පැවැත්වෙනවා.
මෙවර නිදහස් දින උළෙල සඳහා හමුදා සාමාජිකයන් 1873ක් පමණක් මෙවර උත්සවය සඳහා සහභාගි කරවා තිබීම විශේෂත්වයක්.
නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් අද (04) දහවල් 12.00ට ආචාර වෙඩි මුර 25ක් පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සූදානම් කර තිබෙනවා.