හෙරොයින් ග්රෑම් 10යි මිලිග්රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්රදේශයේදීයි.
පොලිසිය සඳහන් කළේ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකරන ලද වැටලීමදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන ගල්කිස්ස ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව ගල්කිස්ස පොලිසිය සඳහන් කළා.