ජාත්‍යන්තරව පිළිගත් ඉහළම තත්ව පාලන ක්‍රමවේද භාවිතා කරමින් ගුවන්යානා සඳහා තෙල් නිකුත් කිරීම සිදුකරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ප්‍රකාශ කළා.
ඒ බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
ඔහු වැඩුදුරටත් සඳහන් කළේ තෙල් ගබඩා ධාරිතාව ලීටර් මිලියන 13ක් පමණ දක්වා වැඩි කිරීමට කටයුතු කර ඇති බවයි.
එමෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තය හරහා අතිවිශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට අඛණ්ඩව ගලා ඒම පිළිබඳව සහතික වන බවද අමාත්‍යවරයා කියා සිටියා.