අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 350ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පෑලියගොඩ පොලිස් වසමේ වනවාසල ප්‍රදේශයේදීයි.

පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ මේ සම්බන්ධව පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *