වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කුඹුර වටා අනවසරයෙන් ඇද තිබූ විදුලි කම්බියකින් විදුලි සැර වැදී පසුගියදා පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
එමෙන්ම තවත් පුද්ගලයන් දෙනෙක් තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ මරණකරු වයස අවුරුදු 40ක් වූ මුදලිකුඩා නැගෙනහිර කොක්කඩිචෝලේ ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු ප්රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොක්කඩිචෝලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.