ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO – 365’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (04) කොළඹ වරායට පැමිණ තිබෙනවා.

මෙලෙස කොළඹ වරායට පැමිණි CORVETTE FSGHM වර්ගයට අයත් ‘KRI DIPONEGORO – 365’ යුද නෞකාව, දිගින් මීටර් 90.71ක් හා නැව්මුළුව 120ක ගෙන් සමත්විත බවයි වාර්තා වන්නේ.

මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමට නියමිතව ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශ සඳහන් කළා.

එම නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව අද (05) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *