එක්සත් ජනපදයට ගාසා තීරය ‘අත්පත් ‘ කර ගත හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඒ අනුව ට්‍රම්ප් යෝජනා කර ඇත්තේ පලස්තීන ජනතාව වෙනත් රටවල නැවත පදිංචි කළ හැකි බවත්, පුපුරා නොගිය බෝම්බ ඉවත් කිරීම, නැවත ගොඩනැගීම සහ භූමිය ආර්ථික වශයෙන් නැවත සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදය ගාසා තීරය අත්පත් කර ගන්නා බවයි.
ට්‍රම්ප්ගේ අදහස පිළිබඳව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ ඒකාබද්ධ ධවල මන්දිර ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.