දිවයිනේ බොහෝප්‍රදේශ වලට අද ( 09) වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ සඳහන් වන්නේ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවූම්වල සහ උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 30ත් 40ක පමණ තද සුළං ඇති විය හැකි බවයි.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමෙන්තුව් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *