BIMSTEC සංවිධානයේ මහ ලේකම් සහ තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ මේ මස 06වනදා මෙරට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබෙනවා.

මෙහිදී BIMSTEC තුළ කලාපීය සහයෝගීතාවය සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ දායකත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ප්‍රමුක කාර්යයක් ඉටු කර ඇති සෞඛ්‍ය සේවාවන්, මානව සම්පත් සංවර්ධනය සහ ඩිජිටල්කරණය ඇතුළු සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබෙනවා.

ඉන්ද්‍රා මනි පාණ්ඩේ සඳහන් කළේ BIMSTEC සාමාජික රටවල් අතර ආර්ථික සහ සමාජීය සංවර්ධනය ඇති කිරීමට මෙම අංශ ශක්තිමත් කිරීම වැදගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *