ඉදිරියේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර ඊයේ (08) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදීයි.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලුදෙනාට අවස්ථාවක් ලබාදෙන බවයි.

එමෙන්ම ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශක සේවයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රාශියක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *