මඩකලපුව, අම්පාර, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.