ජූලි මාසයේ 01 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඔහු අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා.

ජූලි මාසයේ සිට සංශෝධිත නව මිල ගණන් පහතින්,

ඒකක 0 – 30 අතර ඒකකයක මිල රුපියල් 08 සිට 06 දක්වා (රුපියල් 02කින්)

ඒකක 30 – 60 අතර රුපියල් 20 සිට 09 දක්වා (රුපියල් 11කින්)

ඒකක 60 – 90 අතර රුපියල් 30 සිට 18 දක්වා (රුපියල් 12කින්)

ඒකක 90 – 180ත් අතර රුපියල් 50 සිට 30 දක්වා (රුපියල් 20කින්) පහළ දැමීමට යෝජනා කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *