දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (15) වියළි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී ශීත කාලගුණයක් අපේක්ෂා කළ හැකියි.

උතුරු මැද, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *