2025 වසර සඳහා වන අයවැය වාර්තාව හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම හෙට පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි.

අනතුරුව අයවැය විවාදය 2025 පෙබරවාරි 18වනදා සිට මාර්තු 21වනදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18වනදා සිට 25වනදා දක්වා පැවැත්වෙන අතර දෙවන වර කියවීමේ ජන්ද විමසීම එදින පස්වරු 06.00ට පැවැත්වීමට නියමිතයි.

අනතුරුව 2025 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27වනදා සිට මාර්තු 21වනදා දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21වනදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *