අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 07ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පෑලියගොඩගොඩ පොලිස් වසමේ පෑලියගොඩ ඉන්ධන පිරවුම්හල අසලදීයි.
පොලීසිය සඳහන් කළේ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙක් පරික්ෂා කිරීමේදී එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ක් සහ 35ක් වන කොළඹ 15 සහ හංවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.