කෝපිවත්ත දෙස සිට මිනුවන්ගොඩ කටුනායක ප්‍රධාන මාර්ගය දෙසට ගමන් කල වෑන් රථයකට පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයක් ඉස්සර කිරීමට යාමේදී වෑන් රථයේ ගැටී ඊයේ (17) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ මිනුවන්ගොඩ කටුනායක මාර්ගයේ කෝපිවත්ත ප්‍රදේශයේදීයි.

පොලීසිය සඳහන් කළේ අනතුරෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 26ක් වන ‍හක්වඩුන්න නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *