අනුරාධපුර පුදබිම ජලභීතිකා රෝගයෙන් තොර කලාපයක් බව නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ මේ හේතුවෙන් වීදි සතුන් පිළිබඳව බැතිමතුන් කිසිදු බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවයි.

අනුරාධපුර ප්‍රදේශය අවට සෑම වසරකම ලෝක ජලභීතිකා දිනයට සමගාමීව අයාලේ යන සුනඛයන් සඳහා වසර හතරක් අඛණ්ඩව ජලභීතිකා එන්නත් ලබාදී තිබෙනවා.

නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ අයාලේ යන සුනඛයන්ගෙන් 90%කට වැඩි පිරිසකට ශල්‍යකර්ම සිදු කර ඇති බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *