අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් පවුල් 1288කට අයත් පුද්ගලයින් 5162 දෙනෙකු සහන කඳවුරු 83කට යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පසුගිය දින 13 තුළ පැවති අයහපත් කාලගුණයෙන් පවුල් 54,569 කට අයත් පුද්ගලයින් 206,203 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.

අධික වර්ෂාව සහ ඒ ආශ්‍රිත ආපදා හේතුවෙන් නිවාස 60ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර දිවයින පුරා මරණ 24 ක් සහ තුවාල ලැබූවන් 16 ක් වාර්තා වනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වාර්තා වල වැඩි දුරත් සඳහන් වන්නේ නිවාස 5,348කට අර්ධ හානි සිදුව ඇති බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *