මහව දෙස සිට නාගොල්ලාගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් තවත් යතුරුපැදියක ගැටී ඊයේ (26) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ මහව නාගොල්ලාගම මාර්ගයේ කැකුණාව ප්‍රදේශයේදීයි.

පොලීසිය සඳහන් කළේ බරපතල තුවාල ලබා සිටි යතුරුපදිකරුවන් දෙදෙනා සහ පසුපදිකරුවෙක් මහව රෝහලට ඇතුළත් කිරීමේදී එක් යතුරුපදිකරුවෙක් මියගොස් ඇති බවයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 34ක් වන මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මහව පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *